ඉතින් යාලුවනේ අද මේ මම ලියන්නෙ මගේ බ්ලොග් එකේ 100 වෙනි පොස්ට් එක.සුලුවෙන් පටන්ගෙන විවිද බාධක මැදින් මම තනියම කරගෙන ආපු මේ වැඩේ ගැන මට ගොඩක් සතුටුයි.දුකකට කියල තියෙන්නෙ ඉතින් මගේ බ්ලොග් එකට එන ගොඩක් අය comment එකක් වත් නොදා තමන්ගෙ වැඩේ විතරක් කරගෙන යන එක තමයි.

හරි ඒ කතාව පැත්තකින් තියල අද වැඩේ ගැන බලමු.100 වෙනි පෝස්ට් එක නිසා අද මම හිතුව ඔයාලට හොද දෙයක් දෙන්න ඕනෙ කියල.ඒක නිසා අද මම කියල දෙන්න හදන්නෙ කොහොමද මෘදුකාංගයක් පෝටබල් ඇප් එකක් කරන්නෙ කියල.හරි එහෙනම් වැඩේ පටන් ගමු.

මොනවද මේ පෝටබල් ඇප් කියන්නෙ

අපි දන්නව මොකක් හරි software එකක් computer එකේ වැඩ කරන්න නම් අපි ඒ software එක පරිගණකයට install කරන්න ඕනෙ කියල.ඒ වගේම එහෙම එක පරිගණකයක install කරපු වැඩසටහනක් සාමාන්‍ය වැඩසටහනක් ලෙස වෙනත් පරිගණකයකට ගෙනහින් ක්‍රියාත්මක කරන්න බෑ.වෙන පරිගණකයක ක්‍රියාත්මක කරනවනම් ඒ පරිගණකයේත් එම මෘදුකාංගය install කරන්න ඕනෙ.ඒත් ඔයාල දන්නවද මේ මෘදුකාංග ඕනම පරිගණකයකට ගෙනිහින් ක්‍රියාත්මක කරන්න පුලුවන් ක්‍රමයක් තියන බව.ඒකට කියන්නෙ virtual package සැකසීම කියල.මොකක් හරි software එකක virtual package එකක් හදා ගත්තහම ඒක pen drive එකක් වගෙ එක්ස්ටර්නල් ඩ්‍රයිව් එකක දාගෙන ඕනම පරිගණකයකට ගෙනිහින් install නොකරම තමන්ගෙ වැඩේ කරගන්න පුලුවන්.එහෙම හදපු ඒවට තමයි පෝටබල් ඇප් කියල කියන්නෙ.

පෝටබල් ඇප් එකක් හදා ගන්නෙ කොහොමද?

ඔන්න දැන් තමයි අපි මේ වැඩේ ප්‍රධාන තැනට ඇවිල්ල තියෙන්නෙ.මේ වගේ පෝටබල් ඇප් හදා ගන්න අපිට මෘදුකාංගයක් භාවිතා කරන්න වෙනව.ඒවට කියන්නෙ Application virtualization software කියල.ඒවා අතරි ඉතාම ජනප්‍රිය හා භාවිතා කිරීමට පහසු මෘදුකාංගය ලෙස සැලකෙන්නෙ cameyo කියන එක.අද මම මේ වැඩේ කරන්න යොදා ගන්නෙත් මේ cameyo කියන software එකම තමයි.ඔයාලට මේ software එක www.cameyo.com කියන වෙබ් අඩවියෙන් නොමිලේම download කරගන්න පුලුවන්.මේකත් පෝටබල් ඇප් එකක් තමයි.අපිට මේ cameyo කියන software එක Download කරගත්තට පස්සෙ double click කරල open කරගන්න විතරයි තියෙන්නෙ.

Virtual package එක සැකසීම 

1. මුලින් cameyo එක open කරපු ගමන් පහල පින්තූරෙ වගේ එයි.ඒකෙන් cameyo කියන එක select කරන්න. 



2. දැන් එන window එකේ capture app locally කියන කියන එක උඩ click කරන්න.



එතකොට packager කියල box එකක් ඒවි.මේකෙදි වෙන්නෙ ඔයාල දැනට පරිගණකයේ install කරල තියන software ගැන පොඩි සටහනක් තියාගන්න එක.ඒකට පොඩි වෙලාවක් යයි.



3. ඒක ඉවර උන ගමන්ම පහල පින්තූරෙ වගේ ඒවි install the software you wish to package කියල.



දැන්ඔයාලට කරන්න තියෙන්නෙ තමනට virtual package එක සෑදීමට අවශ්‍ය software එක සාමාන්‍ය පරිදි install කරන එක.crack,patch එහෙම තියනවනම් ඒවත් දාල install කරන්න.install කරල ඉවර උනාට පස්සෙ ඔය install done කියන එක click කරන්න.එතකොට ආයෙමත් අර packager කියන එක open වෙයි.එතනදි වෙන්නෙ ඔයාල අලුතෙන් install කරපු software එකට අදාල දත්ත ලබා ගෙන package එක නිර්මාණය වීමයි.



4. ඔයාල හරියට වැඩේ කරා නම් success කියල box එකක් එයි.ඒකෙ package was successfully created  in කියන තැනට පහලින් ලින්ක් එකකින් පෙන්නන්නෙ ඔයාල හදපු package එක save වෙලා තියන තැන.




ඔය ලින්ක් එක click කරල හරි නැත්තම් Document වල තියන cameyo
apps කියන folder එකෙන් හරි අපි හදපු package එක බලා ගන්න පුලුවන්.මේ තියෙන්නෙ මම හදපු එක.




දැන් ඉතින් ඕක පෙන් එකක දාගෙන ඕනම තැනකට උස්සගෙන ගිහින් වැඩ කරගන්න පුලුවන්.ඒ වගේම මේ cameyo භාවිතා කරල අපිට තව වැඩ ගොඩක් කරගන්න පුලුවන්.ඒවත් වෙලාව තියන හැටියට පස්සෙ දාන්නම්.

ඔයාලට මේ සම්බන්දයෙන් මොකක් හරි ගැටලුවක් ආවොත් comment දාල අහන්න.ඉතින් ඔයාලගෙ අදහස් කියාගෙන යන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.

Post a Comment

  1. වටිනා පෝස්ටුවක්... හොය හොයා හිටියේ මේ ගැන... තැන්ක්Q හ්ම් හ්ම්

    ReplyDelete
    Replies
    1. oyage comment ekata bohoma sthuthu podi bassa malayooo.... :>)

      Delete
  2. Good luck 2018 unath oyage blog eke important una!

    ReplyDelete

 
Top