අද මම අරන් ආවෙ ගොඩක් කට්ටියට වැදගත් වෙන ලිපියක්.ඒ තමයි නිවැරදිව bootable cd එකක් හදා ගන්නෙ කොහොමද කියන එක.අපි කොම් එකට අලුතින් cd එකක් භාවිතා කරල windows දානවනම් අනිවාර්යෙන් ඒක bootable cd එකක් වෙන්න ඕනෙ.ඒක ඉතින් ඕන කෙනෙක් දන්නවනේ.ඒ උනත් ගොඩක් කට්ටියට ප්‍රශ්ණයක් තමයි කොහොමද bootable cd එකක් හදා ගන්නෙ කියන එක.ඔන්න අද ඉදන් ඒ ප්‍රශ්ණෙ ඉවරයි. :) මතක ඇතිනේ මම කලින් bootable usb drive එකක් හදා ගන්න විදිය කියල දුන්න.මම මේ post එක ඉතාම සරලව screenshot එක්ක දාල තියෙන්නෙ ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට.හරි අපි එහෙනම් වැඩේට බහිමු....

1.මුලින්ම මේකට පොඩි software එකක් තියනව download කරගන්න.ඒක මෙතන click කරල download කරගෙන install කරන්න.(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

2. දැන් ඔයා ලග තියන windows file ටික new folder එකකට දා ගන්න.මේ තියෙන්නෙ මගේ ලග තියෙන windows 7 file ටික.



3.දැන් අර කලින් install කරගත්තු software එක open කරල මේ පින්තුරෙ විදියට select කරන්න.



4.ඊට පස්සෙ මේ පින්තුරෙ විදියට click කරන්න.දැන් එන ඔතනට අර windows file ටික තියෙන folder එක select කරල දෙන්න ඕනෙ.




5.හරිනේ.ඊට පස්සෙ ඕකෙ කොනේම තියන Advanced tab එක click කරන්න.ඊට පස්සෙ ඊට යටින් තියන bootable disk click කරල පින්තුරෙ විදියට tick එකක් දාන්න.





6.දැන් ඔතනම යට තියන Boot image කියන තැනට අර windows file වල තියෙන BOOTMGR කියන file එක තෝරල දෙන්න.





7.දැන් option tab එකට ගිහින් ඒකෙ file system කියන තැනට UDF කියන එක select කරන්න.



8.දැන් පහල පින්තූරෙ විදියට click කරල image එක හැදෙන්න ඕනෙ තැන පෙන්නන්න.ඊට පස්සෙ එන එක yes කරන්න.ඊට පස්සෙ එන එකත් ok කරන්න.







9.දැන් image එක හැදෙනකන් ඉන්න.අන්තිමට මෙහෙම එයි.ඒක ok කරන්න.ඊට පස්සෙ software එක close කරන්න.



10.දැන් ආයෙ software එක open කරල පින්තූරෙ විදියට click කරන්න.



11.දැන් මේ පින්තූරෙ තියන විදියට click කරල අර හදා ගත්තු image එක තෝරල දෙන්න.දැන් ඔය file sys කියන තැන බලන්න.එතන bootable කියල වැටිල ඇති.





12.දැන් ඉතින් කරන්න තියෙන්න emphty CD එකක් දාල write කරගන්න විතරයි.

එහෙනම් වැඩේ හරිනේ.මම උපරිමෙන්ම සරල විදියට තමයි මේක දැම්මෙ.ඔයාලට ප්‍රශණයක් වෙන්නෙ නැති වෙන්න.

මගේ facebook පිටුවට තාම  Like එකක් දාල නැත්තම් Like එකකුත් දාල ඔය එහා පැත්තෙන් මේ site එකට join වෙලා යන්නත් අමතක කරන්න එපා හොදේ.

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනානම් comment එකකුත් දාගෙනම යන්න.මොකද ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.


මෙම ලිපියෙහි සියලුම අයිතිය Cool Tricks සතු වන අතර අවසරයකින් තොරව මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් අඩවියක පල කිරීමෙන් වලකින්න.

Post a Comment

  1. xp walata boot image akata mokakda denna ona

    ReplyDelete
    Replies
    1. mata oya kiyapu eka hariyata pahadili une na..boot image eka kiyala oya kiwwe anthimata write karannakota denna one image ekada?pddak pahadili karala kiyanna bro.....

      Delete
  2. Bootable විදියට Image හදාගෙන ඒක Cd එකකට Write කරන විදිය හරියටම දැනගන්න. >>>>> Download Now

    >>>>> Download Full

    Bootable විදියට Image හදාගෙන ඒක Cd එකකට Write කරන විදිය හරියටම දැනගන්න. >>>>> Download LINK

    >>>>> Download Now

    Bootable විදියට Image හදාගෙන ඒක Cd එකකට Write කරන විදිය හරියටම දැනගන්න. >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

 
Top