ඔන්න අද මම ගෙනාව Torrent එකක් Direct Download කරන්නෙ කොහොමද කියල කියන්න.මතකනේ මම කලින් දවසක කියල දුන්න Torrent ගැන සම්පූර්ණ විස්තරයක්.මේ ඒකෙ ඉතුරු ටික කිව්වොත් හරි.ඔයාල ඒ ලිපිය බැලුවෙ නැත්තම් ඔය වර්ගීකරණය යටතේ තියන About Torrent කියන එක click කරන්න.

හරි එහෙනම් අද වැඩේට බහිමු. Torrent වල Download speed එක මදි නිසා ගොඩක් අය කැමති නෑ Torrent වලින් Download කරන්න.ඔන්න ඒ අයට මේක වැදගත් වෙයි.මම  Torrent එකක් Direct Download කරන්න පුලුවන් site 3ක් කියනව.හැබැයි ඒවලින්  Download කරන්න පුලුවන් 1GB වලට වඩා අඩු Torrent එකක් විතරයි.:)

1. zbigz

මේ site එකට ගිහින් Download කරන්න ඕන කරන  Torrent එක upload කරන්න.ඊට පස්සෙ GO click කරන්න.ඊට පස්සෙ එන එකේ Free click කරන්න.දැන් චූටි වෙලාවක් ගියාට පස්සෙ ඔයාට Direct Download link එක ලැබෙයි.එතකොට ඔයාල ඒක click කරල ආයෙමත් Free click කරහම Direct Download කරගන්න පුලුවන්.

2.Furk net

මේකත් Torrent එකක් Direct Download කරන්න පුලුවන් හොද site එකක්.හැබැයි ඔයාල මේකෙ register වෙන්න ඕනෙ.ඒක අමාරු නෑ.ඔයාලට fb account එක භාවිතා කරල මේකට ලොග් වෙන්න පුලුවන්.ලොග් උනාට පස්සෙ My files කියන එක click කරල ඊට පස්සෙ New click කරන්න.එතකොට ඔයාලට ලැබෙයි ටොරන්ට් එක දෙන්න ඕනෙ තැන.එතනට ටොරන්ට් එක දීල Add Download click කරහම Direct Download කරන්න ලින්ක් එක ලැබෙයි.

3.Boxopux

මේකත් අර වගේම  fb account එක භාවිතා කරල ලොග් වෙලා තමන්ට Download කරන්න අවශ්‍ය ටොරන්ට් එක දුන්නහම Direct ලින්ක් එක ගන්න පුලුවන්.

ඔයාලට ඕනෙ නම් ටොරන්ට් file එක  Download කරන්නෙ නැතුව ටොරන්ට් file එකේ ලින්ක් එක විතරක් දෙන්නත් පුලුවන්.ලින්ක් එක ගන්න දන්නවනේ.ටොරන්ට් එක උඩ right click කරල copy link address කියන එක click කරන්න.



හරි එහෙනම් මම ගියා.අව්ලක් උනොත් අහන්නකෝ.comment එකකුත් දාගෙනම යන්න හොදේ...,,,
13 May 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top